Waadakayanani Obe Sitharaya – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

වාදකයාණනි ඔබේ සිතාරය – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-17 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

වාදකයාණනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කළ මැනැවී මුසු කළ මැනැවී
වාදකයාණනි

අඬ අඳුරේ මන්මත් කල රාගය
තොලගාමින් මෝහයේ සුරාවිත
ආලිංගන නැටුමකට සාදයක
කුමට වයන්නෙද එවන් සිතාරය
වාදකයාණනි

නව ලොව එළි කළ අරුණාලෝකය
රන් කෙත කරනා සඳ ආලෝකය
සව් සිරි අස්වනු නෙළනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිර රාවය සුමිහිර රාවය
කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කළ මැනැවී මුසු කළ මැනැවී
වාදකයාණනි
වාදකයාණනී

ගායනය – සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ගී තනුව – පී.වී. නන්දසිරි

Play / Download MP3 – Waadakayanani Obe Sitharaya – Sunil Edirisinghe – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.