සුවඳ මල් රේණු පිස එන – ඉමාන් පෙරේරා – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-17 – Working Link Updated
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මීරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා
සීත පිනි වතුළ සඳ වත
මෝදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දලපෙති
කොපුල් තලාවා
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා
නුඹේ සිනාවා
නුඹේ සිනාවා
නුඹේ සිනාවා
නුඹේ සිනාවා
ගායනය – ඉමාන් පෙරේරා
ගී පද රචනය – යසනාත් ධම්මික බණ්ඩාර
ගී තනුව – නවරත්න ගමගේ
“සුවඳ මල්” ගී සරණිය
සි/ස. නිල්වලා එන්ටටේන්ට්මන්ට්
Play / Download MP3 – Suwanda Mal Renu Pisa Ena – Iman Perera – 6 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.