බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-16 – Working Link Updated
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ
පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
හිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ
හිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ
හිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ
හිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ
ගායනය – සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක
Play / Download MP3 – Baanen Banda Raja Rata Pedesinne – Sunil Edirisinghe – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.