Hath Muhudin Epita Guguruwa – Sunil Edirisinghe – Original Track – Lyrics Audio MP3

හත් මුහුදින් එපිට ගුගුරුවා – සුනිල් එදිරිසිංහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-18 – Working Link Updated

Sunil Edirisinghe
Sunil Edirisinghe

හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුනගෙ දරුපැටවුන් වහල් කමේ තියාගන්න
වැව් බිඳ රන් කොත බිමලා
වැව් බිඳ රන් කොත බිමලා
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

යෝද කඳු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්න
ඉර නොබහින පොළව වටේ
ඉර නොබහින පොළව වටේ
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

සත්තු වගේ මඩ ගාගෙන දිව කාගෙන බර අදින්න
උත්තම අදිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා
අනේ අපොයි අපිත් ගියා
පය පාමුල වාල් වෙන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
සුද්දො ආවෙ රට කරන්ඩ

හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්ඩ
අදත් එනව රට කරන්ඩ

ගායනය – සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – රත්න ශ්‍රී විජේසිංහ
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download MP3 – Hath Muhudin Epita Guguruwa – Sunil Edirisinghe – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.