Obe Dethol Pethi Lihee – Sasara Seri Sarana Thek – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Share to:

ඔබෙ දෙතොල් පෙති ලිහී (සසර සැරි සරණ තෙක්) – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ළමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

අහස් තල පොලෝ තල ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ ‍මගේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Sasara Seri Sarana Thek – 3.04 MB

Continue reading Obe Dethol Pethi Lihee – Sasara Seri Sarana Thek – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Share to:

Kawuruwath Nehe Kawuruwath Nehe – Amarasiri Peiris – Guitar Chords Lyrics Mp3

Share to:

කවුරුවත් නැහැ කවුරුවත් නැහැ – අමරසිරි පීරිස් – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ
එගොඩට යන්නට – එ‍ගොඩට යන්නට
ඉර ගල වැටිලා – ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා – පාරුව ඇතුලට
ලංතෑරුම කෝ – ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මෝලෙන් හෙන හඬ ඇසුනා
කිරළ කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්

කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ
එගොඩට යන්නට – එ‍ගොඩට යන්නට

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ

කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ
එගොඩට යන්නට – එ‍ගොඩට යන්නට
ඉර ගල වැටිලා – ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා – පාරුව ඇතුලට
ලංතෑරුම කෝ – ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැහැ – කවුරුවත් නැහැ

ගායනය – අමරසිරි පීරිස්
ගී පද රචනය – හේමසිරි ගුණතුංග
ගී තනුව – ප්‍රේමසිරි කේමදාස

Play / Download – Kawuruwath Nehe Kawuruwath Nehe – 4.28 MB

Continue reading Kawuruwath Nehe Kawuruwath Nehe – Amarasiri Peiris – Guitar Chords Lyrics Mp3

Share to:

Duras Wannata Sithana Hemawita – Indrajith Dolamulla – Cassette Eka – Guitar Chords Lyrics Mp3

Share to:

දුරස් වන්නට සිතන හැමවිට – ඉන්ද්‍රජිත් දොලමුල්ල – කැසට් එක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා

සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා

ගායනය – ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද රචනය – දෙල්තොට චන්ද්‍රපාල
ගී තනුව – ඉන්ද්‍රජිත් දොලමුල්ල

Play / Download – Duras Wannata Sithana Hema Wita – 3.28 MB

Continue reading Duras Wannata Sithana Hemawita – Indrajith Dolamulla – Cassette Eka – Guitar Chords Lyrics Mp3

Share to:

Iwan Paulusha – Apsara De Silva – Guitar Chords Lyrics Mp3

Share to:

ඉවාන් පවුලූෂා – අප්සරා ද සිල්වා – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙළන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා

හිනහ වෙවී අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද
කඳුළැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙළන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ගායනය – අප්සරා ද සිල්වා
ගී පද රචනය – චාරුක සුරවීර
ගී තනුව – ප්‍රියන්ත ඩිරෙක්ස්

Play / Download – Iwan Paulusha – 11.16 MB

Continue reading Iwan Paulusha – Apsara De Silva – Guitar Chords Lyrics Mp3

Share to:

Budu Hamuduruwo Apith Dakinnethi – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Share to:

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්ට ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක සිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා‍රේ

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – රඹුක්කන සිද්ධාර්ථ හිමි
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Budu Hamuduruwo Apith Dakinnethi – 4.74 MB

Continue reading Budu Hamuduruwo Apith Dakinnethi – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Share to: