Iwan Paulusha – Apsara De Silva – Guitar Chords Lyrics Mp3

ඉවාන් පවුලූෂා – අප්සරා ද සිල්වා – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙළන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙළලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා

හිනහ වෙවී අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද
කඳුළැලි දහඩිය ගැළුවට මහ කළුගල් දියවෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා
ඉවාන් පවුලූෂා
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙළන්නේ

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ගායනය – අප්සරා ද සිල්වා
ගී පද රචනය – චාරුක සුරවීර
ගී තනුව – ප්‍රියන්ත ඩිරෙක්ස්

Play / Download – Iwan Paulusha – 11.16 MB

Continue reading Iwan Paulusha – Apsara De Silva – Guitar Chords Lyrics Mp3