යදමින් බැඳ විලංගු ලා – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-28 – Working Link Updated
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
ගිනිගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
කෝටි ගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්
ගායනය – නන්දා මාලිනී
ගී පද රචනය – සුනිල් ආරියරත්න
ගී තනුව – සරත් දසනායක
Play / Download MP3 – Yadamin Banda Wilangu Laa – Nanda Malini – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.