රුවල් ඉරී ගිය නෞකාවේ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-27 – Working Link Updated
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානනි
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
දෝතට එක්කල වැසි දිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානනි
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
ගායනය – විශාරද නන්දා මාලිනී
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – රෝහණ වීරසිංහ
Play / Download MP3 – Ruwal Iri Giya Naukawe – Nanda Malini – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.