Birinda Mage Oba – Gunadasa Kapuge and Nanda Malini – Original Track – Lyrics Audio MP3

බිරිඳ මගේ ඔබ – ගුණදාස කපුගේ සහ නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-29 – Working Link Updated

Gunadasa Kapuge
Gunadasa Kapuge
Nanda Malini
Nanda Malini

බිරිඳ මගේ ඔබ
(නෑ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ ‍නොවේ
ඔබගේ බිරිඳ නොවේ)

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
(මව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත)

බිරිඳ මගේ ඔබ
(නෑ මා ඔබ‍ගේ බිරිඳ නොවේ)

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
(ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද
අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද

බිරිඳ මගේ ඔබ
(නෑ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ ‍නොවේ
ඔබගේ බිරිඳ නොවේ)

ගායනය – ගුණදාස කපුගේ සමඟින් නන්දා මාලිනී
ගී පද රචනය – සුනිල් ආරියරත්න
ගී තනුව – ගුණදාස කපුගේ

Play / Download MP3 – Birinda Mage Oba – Gunadasa Kapuge and Nanda Malini – 3 MB

Play / Download MP3 – Birinda Mage Oba – Gunadasa Kapuge and Nanda Malini – 192kbps – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.