Tharu Arundathi Nethu Pahan Niwa – WD Amaradeva – Original Track – Lyrics Audio MP3

තරු අරුන්දතී නෙතු පහන් නිවා – ඩබ්ලිව්. ඩී. අමරදේව – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-30 – Working Link Updated

WD Amaradeva
WD Amaradeva

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා
කොයි ගියේද මට සිතුණා
කොයි ගියේද මට සිතුණා
කොයි ගියේද මට සිතුණා

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද රචනය – අජන්තා රණසිංහ
ගී තනුව – ස්ටැන්ලි පීරිස්

Play / Download MP3 – Tharu Arundathi Nethu Pahan Niwa – WD Amaradeva – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.