සැන්දෑ අහස වගේ – මාලනී බුලත්සිංහල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Sanda Ahasa Wage – Malani Bulathsinhala – Original Song Track & Lyrics
New link published on – 2026-01-01

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
හිස ගවසන්න සිතා සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
කණ පලදින්න ගෙනා තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ හඳ යයි ඔබ රැවටේවී
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
ගායනය – මාලනී බුලත්සිංහල
ගී පද රචනය – ලූෂන් බුලත්සිංහල
ගී තනුව – එච්. එම්. ජයවර්ධන
Play Song –
Download Song –
Sanda Ahasa Wage – Malani Bulathsinhala – 3 MB
MP3 Source – Internet