රුවක් ඇදෙනවා කවුදෝ එනවා – ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-22 – Working Link Updated
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
නැගුනු නුරා ගිනි මීපොද වැටිලා
හතර වටින් දළුලා එනවා
නැගුනු නුරා ගිනි මීපොද වැටිලා
හතර වටින් දළුලා එනවා
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැදි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
ගායනය – ගුණදාස කපුගේ සමඟින් කරුණාරත්න දිවුල්ගනේ
ගී පද රචනය – මහින්ද දිසානායක
ගී තනුව – ගුණදාස කපුගේ
.
MP3 Source – Internet Search via duckduckgo.com
.