පටු අදහස් නම් – වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා – ඩබ්ලිව් ඩී අමරදේව – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥාණය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසිදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥාණය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – මහගම සේකර
ගී තනුව – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
Play / Download – Patu Adahas Nam – 3.22 MB
Continue reading Patu Adahas Nam – W D Amaradeva – Guitar Chords Lyrics Mp3