ජීවිතය ඔබෙන් දැන – දයාන් විතාරණ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Jeewithaya Oben Dana – Dayan Witharana – Original Song Track and Lyrics
New link published on – 2025-12-28

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර
සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර
ගායනය – දයාන් විතාරණ
ගී පද රචනය – වසන්ත කුමාර කොබවක
ගී තනුව – නවරත්න ගමගේ
Play Song –
Download Song –
Jeewithaya Oben Dana – Dayan Witharana – 4.4 MB
MP3 Source – Internet