කුමටද සොබනියෙ – රොඩ්නි වර්ණකුල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Kumatada Sobaniye – Rodney Warnakula – Original Song Track and Lyrics
New link published on – 2025-12-28

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
සඳ පායන කල ගඟබඩ ඉඳගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්
සොඳුරියෙ ආදර බස් දෙන්නම්
සොඳුරියෙ ආදර බස් දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
තණ අග දිලිසෙන පිණි කැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන්නම්
ඔබෙ ඇඟ දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල් ගෙන
ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්
කොමලියෙ ආදර බස් දෙන්නම්
කොමලියෙ ආදර බස් දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
කඳුළු සලන්නේ
ගායනය – රොඩ්නි වර්ණකුල
ගී පද රචනය – දයානන්ද ගුණවර්ධන
ගී තනුව – ලයනල් අල්ගම
වේදිකා නාට්‍යය – නරි බෑනා
Play Song –
Download Song –
Kumatada Sobaniye – Rodney Warnakula – 3.8 MB
MP3 Source – Internet