Yalu Bala Sande – Somathilaka Jayamaha – Original Track – Lyrics Audio MP3

Share to:

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ – සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-09 – Working Link Updated

Somathilaka Jayamaha
Somathilaka jayamaha

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ

දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ සිටින නුඹට පමණි පෙනුනේ යාළු
විරහ තාපයේ දැඩිකම
සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාළු

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ

ඈ දැකුමට නලියන සිත
ඇගෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේ හිනැහෙන් යාළු

යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
යාළු බාල සඳේ

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – සෝමතිලක ජයමහ
ගී තනුව – සුනිල් ආරියරත්න

Play / Download MP3 – Yalu Bala Sande – Somathilaka Jayamaha – 3 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.