වළා අතුල සිරි යහනේ – අමරසිරි පීරිස් – දළ රළ පෙල ටෙලි නාට්‍යයේ තේමා ගීතය – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Walaa Athula Siri Yahane – Amarasiri Peiris – Dala Rala Pela Tele Drama Theme Song Track – Lyrics Audio MP3
අලුත් ලින්ක් එක දැම්මේ – 2026-10-07 – Working Link Updated

වළා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එලියෙන් නලියනවා
නොදරුවකු අතින් බොඳවුන
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත
රටා වියනවා
කිරිවැදී නටන ගොයමට
මිහිදුමින් වැටුණු පිණි කැට
රන්දමක් වගේ ගෙල වට
රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග
තවරගන්නවා
වළා අතුල සිරි යහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා
නිදා වැටෙනවා
මල් සුගන්ධයෙන් නැලැවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී
සින්දු කියනවා
ගායනය – අමරසිරි පීරිස්
ගී පද රචනය – සුනිල් රත්නායක
ගී තනුව – ප්‍රේමසිරි කේමදාස
ටෙලි නාට්‍යය – දළ රළ පෙල
Play Song –
Download Song –
Walaa Athula Siri Yahane – Amarasiri Peiris
MP3 Source – Internet