සුසුම් පොදක් වී – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-13 – Working Link Updated
සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා
මේ කුළු සේ විත් නිල් අහසේ බැඳි
ගිම්කල නිමවා හදට රහසේ බැඳී
මන කුමුදු විලේ පිපුණූ සුවඳ කුසුම නුඹ සොඳුරු
මටත් හොරා නුඹ තියා ගිහින් නෙතු කඳුළු
සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා
දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක හද තුර සැඟවී
මුදු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු හිතින් නොවේ මට අස්වැසුම්
සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස සිතූ සෙනේහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සඳ හදේ සුවඳ ගෙන
නුඹ කොහිදැයි සිතුනා
ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – චාමින්ද රත්නසූරිය
ගී තනුව – ලෙලුම් රත්නායක
Play / Download MP3 – Susum Podak Wee – Kasun Kalhara – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.