සිතුවිලි සිරවී හදවත පතුලේ – බණ්ඩාර අතාවුද – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-16 – Working Link Updated
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
මිලාන වූ මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කදුළු දකී
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා
ගායනය – බණ්ඩාර අතාවුද
ගී පද රචනය – කුසුම් පීරිස්
ගී තනුව – එච්. එම්. ජයවර්ධන
Play / Download MP3 – Sithuwili Sirawee Hadawatha Pathule – Bandara Athauda – 3 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.