Sandaa Andura Lowa Galana Welawata – Somathilaka Jayamaha – Original Track – Lyrics Audio MP3

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට – සෝමතිලක ජයමහ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-20 – Working Link Updated

Somathilaka Jayamaha
Somathilaka jayamaha

සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි
සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබඳේ
නිදි ලොව වෙත
එතෙර වන්න නිබඳේ

සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවින මල් ගොමුවේ
ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ

සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි
සෙමෙන් විත් මගෙ සවනත පාරයි

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – සෝමතිලක ජයමහ
ගී තනුව – සෝමතිලක ජයමහ

Play / Download MP3 – Sandaa Andura Lowa Galana Welawata – Somathilaka Jayamaha – 4 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.