පායා ඇයි හිනැහෙන්නේ – එච්.ආර්. ජෝතිපාල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Paya Ai Hinahenne – HR Jothipala – Original Song Track & Lyrics
New link published on – 2025-12-28

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ
ගායනය – එච්.ආර්. ජෝතිපාල
ගී පද රචනය – ඇලෝයි ගුණවර්ධන
ගී තනුව – පී.එල්.ඒ. සෝමපාල (හින්දි තනුවක් ඇසුරින්)
Play Song –
Download Song –
Paya Ai Hinahenne – HR Jothipala – 7.5 MB
MP3 Source – Internet