දිය කිඳුරිය සේ සාගරේ – හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
දේහ ලතාවේ රූසිරු වරුණේ
නොදැනී මේ නෙත යා වෙලා
දිගු නිල් වරළේ නිලුපුල් නයනේ
සැඟවේවා අද පාවෙලා
ගිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
දෙදෙනා හමු වී පෙරදා සසරේ
උන්නා සේ මට ලං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනි වෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා
දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ
ගායනය – එච්. ආර්. ජෝතිපාල
ගී පද රචනය – උපාලි ධනවලවිතාන
ගී තනුව – සරත් ද අල්විස්
චිත්‍රපටය – ඔබටයි ප්‍රියේ ආදරේ – 1987
Play / Download – Diya Kinduriya Se Sagare – 5.16 MB
Continue reading Diya Kinduriya Se Sagare – HR Jothipala – Guitar Chords Lyrics Audio Mp3