Hemadamath Yaluwe – Somathilaka Jayamaha – Lyrics Audio Mp3

Share to:

හැමදාමත් යාළුවේ – සෝමතිලක ජයමහ – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

පිපි කු‍සුමෙහි රන් මුවරද
වෙත එන බිඟු සේමා
නිති ගෙ උයන වැද රඟදුන්
පැණි සමණල සේනා
සපැමිණ ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ
සපැමිණ ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

සව් සිරි සැප මා අතහැර
අද වෙනතක ඇදිලා
පින් මද තනිකම තනියට
මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනී
ඔබ කොතැන ද මිතු‍රනී
බිතු සිතුවම් රූ වැනී
ඔබ කොතැන ද මිතු‍රනී

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – විජයසිරි අමරතුංග
ගී තනුව – සෝමතිලක ජයමහ

Play / Download – Hemadamath Yaluwe – 2.79 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Adaraye Unusuma Langa – Somathilaka Jayamaha – Guitar Chords Lyrics Audio Mp3

Share to:

ආදරයේ උණුසුම ළඟ – සෝමතිලක ජයමහ – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි

සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැඟෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි

ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – විජයසිරි අමරතුංග
ගී තනුව – අමරසිරි පීරිස්

Play / Download – Adaraye Unusuma Langa – 2.85 MB

Continue reading Adaraye Unusuma Langa – Somathilaka Jayamaha – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Thani Wennata Mage Lowe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

Share to:

තනි වෙන්නට මගේ ලොවේ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – බුද්ධදාස ගලප්පත්ති
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Thani Wennata Mage Lowe – 4.24 MB

Continue reading Thani Wennata Mage Lowe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Adaraye Ulpatha Wu Amma – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

Share to:

ආදරයේ උල්පත වූ අම්මා – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Adaraye Ulpatha Wu Amma – 4.31 MB

Continue reading Adaraye Ulpatha Wu Amma – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Thani Tharuwe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

Share to:

තනි තරුවේ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

තනි තරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනි තරු‍වේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතග නෙතග පැටළි පැටළි
මුවග මුවග ඇළලි ඇළලි
නෙතග නෙතග පැටළි පැටළි
මුවග මුවග ඇළලි ඇළලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී

තනි තරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී

තනි තරුවේ
තනි තරු‍වේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

තනි තරුවේ
තනි තරුවේ
තනි තරුවේ ඒ ඒ ඒ
තනි තරුවේ

ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක

Play / Download – Thani Tharuwe – 4.42 MB

Continue reading Thani Tharuwe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3

Share to: