Hitha Mithuru Sulanga – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Share to:

හිත මිතුරු සුළඟ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිළ ඉපිළ
ඉතිර යනතුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බඳේ
කඩ ඉමෙන් මෙහා

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – ආචාර්ය වික්ටර් රත්නායක

Play / Download – Hitha Mithuru Sulanga – 3.39 MB

Continue reading Hitha Mithuru Sulanga – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Share to:

Oba Heenayak Wage – Deepika Priyadarshani Peiris – Guitar Chords Lyrics Mp3

Share to:

ඔබ හීනයක් වගේ – දීපිකා ප්‍රියදර්ශනී පීරිස් – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මම මග බලා සිටියා
නෙතු ඝණඳුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

නේක දුක් හද රැඳුනා
සඳ එළිත් නිමුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා

ගායනය – දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Oba Heenayak Wage Hadu Wessak Aran – 4.23 MB

Continue reading Oba Heenayak Wage – Deepika Priyadarshani Peiris – Guitar Chords Lyrics Mp3

Share to:

Muthu Kuda Ihalana Mal Warusawe – Rohana Weerasinghe – Guitar Chords Lyrics Mp3

Share to:

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ – රෝහණ වීරසිංහ – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

ගායනය – රෝහණ වීරසිංහ
ගී පද රචනය – ලූෂන් බුලත්සිංහල
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Muthu Kuda Ihalana Mal Warusawe – 3.38 MB

Continue reading Muthu Kuda Ihalana Mal Warusawe – Rohana Weerasinghe – Guitar Chords Lyrics Mp3

Share to:

Dama Yannata Noheki Mihimatha – Somathilaka Jayamaha – Lyrics Mp3

Share to:

දමා යන්නට නොහැකි මිහිමත – සෝමතිලක ජයමහ – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ උන්
ලබැඳි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මග දකිනා

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිඳිනා

දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

ගායනය – සෝමතිලක ජයමහ
ගී පද රචනය – කුලරත්න ආරියවංශ
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Dama Yannata Noheki Mihimatha – 3.56 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to:

Kandulu Bindu Hanga Ganna – Sanath Nandasiri – Lyrics Mp3

Share to:

කඳුළු බිංදු හංග ගන්න – සනත් නන්දසිරි – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒවා මීට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ හැටි මතක ද කල්ප කලක් තිස්සේ
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ

වේල් පටින් වැසුනු ඔබේ වත කමලේ සෝබා
තුසර පටින් වැසුනු සඳක අසිරි කියා පෑවා
මගේ ලොවට එළිය දෙන්න සඳ හිරු පොරකෑවා
ඔබේ නීල නෙතු කැල්මට ඒ පරාද වූවා
ඒ පරාද වූවා

කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒවා මීට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ හැටි මතක ද කල්ප කලක් තිස්සේ
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ

දෙසිත බැඳී කටුක ම‍ගේ ගව් ගණනක් ආවා
දෑඟිලි බැඳ පෝරුව මත එමග පෙහෙලි වූවා
දෙහදක හඬ එකම හඬක් ලෙස සවනත ගාවා
අප හදවත් නවතින තුරු අපි අපේම වේවා
අපි අපේම වේවා

කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි ඒවා මීට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරූ හැටි මතක ද කල්ප කලක් තිස්සේ
කඳුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ

ගායනය – සනත් නන්දසිරි
ගී පද රචනය – රනිල් ජයසේන
ගී තනුව – සනත් නන්දසිරි

Play / Download – Kandulu Bindu Hanga Ganna – 3.92 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Share to: