Adare Ran Bingun – Mervin Perera – Guitar Chords Lyrics Audio Mp3

Share to:

ආදරේ රන් බිඟුන් – මර්වින් පෙරේරා – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ

ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ

ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ

ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ලඳේ එසේ‍
සුපුන් සඳ ඔබ තමයි මගේ

ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලඳේ

ගායනය – මර්වින් පෙරේරා
ගී පද රචනය – කේ. ඩී. කේ. ධර්මවර්ධන
ගී තනුව – පුණ්‍යසිරි මහවත්ත

Play / Download – Adare Ran Bingun Nesu – 2.79 MB

Continue reading Adare Ran Bingun – Mervin Perera – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Karadiya Gembare – Edward Jayakody – Guitar Chords Lyrics Audio Mp3

Share to:

කරදිය ගැඹරේ – එඩ්වඩ් ජයකොඩි – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළු ගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැ‍ති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ කිරිකැටි පුතුනේ

ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද රචනය – ප්‍රේමකුමාර ජයවර්ධන
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Karadiya Gembare – 3.04 MB

Continue reading Karadiya Gembare – Edward Jayakody – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Diya Kinduriya Se Sagare – HR Jothipala – Guitar Chords Lyrics Audio Mp3

Share to:

දිය කිඳුරිය සේ සාගරේ – හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දේහ ලතාවේ රූසිරු වරුණේ
නොදැනී මේ නෙත යා වෙලා
දිගු නිල් වරළේ නිලුපුල් නයනේ
සැඟවේවා අද පාවෙලා
ගිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුනා‍ දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

දෙදෙනා හමු වී පෙරදා සසරේ
උන්නා සේ මට ලං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ලඟ දැනුනේ
කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා
තනි වෙමු ඔබ මා මේ සැණකෙළියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කවුදෝ ළඳේ

ගායනය – එච්. ආර්. ජෝතිපාල
ගී පද රචනය – උපාලි ධනවලවිතාන
ගී තනුව – සරත් ද අල්විස්
චිත්‍රපටය – ඔබටයි ප්‍රියේ ආදරේ – 1987

Play / Download – Diya Kinduriya Se Sagare – 5.16 MB

Continue reading Diya Kinduriya Se Sagare – HR Jothipala – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Mata Kiyanna Hema Deyakma – Nadeeka Jayawardana – Guitar Chords Lyrics Audio Mp3

Share to:

මට කියන්න හැම දෙයක්ම – නදීක ජයවර්ධන – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුළ
මෙනෙහි කරමින් අඳුරූ සිතින්
ලොවේ දහමින් මිදිලා රැඳෙමින්
හැකි වේද සිතනූ රිසින්

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

දුක රැඳෙයිද හැම දිනක්ම
නෙතු අගින් කඳුළෙන් අප තෙමන්න
රැඳෙන්න අවසරයි සොඳුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ගායනය – නදීක ජයවර්ධන
ගී පද රචනය – තාරක හේරත්
ගී තනුව – රංග දසනායක

Play / Download – Mata Kiyanna Hema Deyakma – 3.76 MB

Continue reading Mata Kiyanna Hema Deyakma – Nadeeka Jayawardana – Guitar Chords Lyrics Audio Mp3

Share to:

Sanda Ona (Masha Soya) – Kasun Kalhara – Guitar Chords Lyrics Audio Mp3

Share to:

සඳ ඕනා (මාශා සොයා) – කසුන් කල්හාර – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා
අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා
අරුමෝසම් පෑ

මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා
තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා
හිත විමසාලා

ඈ නේනා රෑ ඕනෑ නෑ තවත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා සිපගන්නෝනා
ඈ කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා

මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ

මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා

ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – ධනුෂ්ක වීරසිරි
ගී තනුව – කසුන් කල්හාර

Play / Download – Sanda Ona (Masha Soya) – 3.63 MB

Continue reading Sanda Ona (Masha Soya) – Kasun Kalhara – Guitar Chords Lyrics Audio Mp3

Share to: