Obayi Ramya Sanda Kirana – Nanda Malini

Share to:

ඔබයි රම්‍ය සඳ කිරණ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Obayi Ramya Sanda Kirana – Nanda Malini – Original Song Track & Lyrics

New link published on – 2026-01-01

Nanda Malini
Nanda Malini

ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක්
සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නෙහිය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබයි

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

උදා වූ සුපෙම් දම්
මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කළෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතයද ඔබය

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

ගායනය – නන්දා මාලිනී
ගී පද රචනය – සුනිල් ආරියරත්න
ගී තනුව – එච්.එම්.ජයවර්ධන

Play Song –

Download Song –
Obayi Ramya Sanda Kirana – Nanda Malini – 13 MB

MP3 Source – Internet

Nanda Malini All Songs

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.