කන්දේ ලන්දේ ගඟුලැල්ලේ – රෝහණ බැද්දගේ – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-14 – Working Link Updated
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ
ගායනය – රෝහණ බැද්දගේ
ගී පද රචනය – රෝහණ බැද්දගේ
ගී තනුව – රෝහණ බැද්දගේ
Play / Download MP3 – Kande Lande Gangulalle – Rohana Beddage – 6 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.