එක වසන්තයක එක රාත්‍රියක – කසුන් කල්හාර – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-09-11 – Working Link Updated
එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා විතරක් මතකයි
හද ලුහුබැඳ ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර
මේ වසන්තයෙදි හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද
සිහිවනු පිණිස සොඳුර
මේ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක් තියන්නද
ගිවිසනු පිණිස සොඳුර
එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා විතරක් මතකයි
ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – කැලුම් ශ්‍රීමාල්
ගී තනුව – සුරේෂ් මාලියද්ද
Play / Download MP3 – Eka Wasanthayaka Eka Rathriyaka – Kasun Kalhara – 4 MB
.
MP3 Source – Internet Search via duckduckgo.com
.