Hitha Mithuru Sulanga – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

හිත මිතුරු සුළඟ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිළ ඉපිළ
ඉතිර යනතුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බඳේ
කඩ ඉමෙන් මෙහා

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – ආචාර්ය වික්ටර් රත්නායක

Play / Download – Hitha Mithuru Sulanga – 3.39 MB

Continue reading Hitha Mithuru Sulanga – Victor Rathnayake – Guitar Chords Lyrics Mp3

Oba Heenayak Wage – Deepika Priyadarshani Peiris – Guitar Chords Lyrics Mp3

ඔබ හීනයක් වගේ – දීපිකා ප්‍රියදර්ශනී පීරිස් – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මම මග බලා සිටියා
නෙතු ඝණඳුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමී

නේක දුක් හද රැඳුනා
සඳ එළිත් නිමුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා
තරු ඇසත් පිපුණා
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා

ගායනය – දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Oba Heenayak Wage Hadu Wessak Aran – 4.23 MB

Continue reading Oba Heenayak Wage – Deepika Priyadarshani Peiris – Guitar Chords Lyrics Mp3

Muthu Kuda Ihalana Mal Warusawe – Rohana Weerasinghe – Guitar Chords Lyrics Mp3

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ – රෝහණ වීරසිංහ – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

ගායනය – රෝහණ වීරසිංහ
ගී පද රචනය – ලූෂන් බුලත්සිංහල
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Muthu Kuda Ihalana Mal Warusawe – 3.38 MB

Continue reading Muthu Kuda Ihalana Mal Warusawe – Rohana Weerasinghe – Guitar Chords Lyrics Mp3

Eda Meda Thura – Sanath Nandasiri – Guitar Chords Lyrics Mp3

එදා මෙදා තුර – සනත් නන්දසිරි – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

එදා මෙදා තුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය ‍සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට‍
සොඳුරිය මට‍ නොකියාම ගියා…

දෑස් කවුළු පත් පලා කඳුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්…

එදා මෙදා තුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය ‍සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට‍
සොඳුරිය මට‍ නොකියාම ගියා…

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් ඒ සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ…

එදා මෙදා තුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය ‍සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට‍
සොඳුරිය මට‍ නොකියාම ගියා…

ගායනය – සනත් නන්දසිරි
ගී පද රචනය – විමල් ජයශාන්ත
ගී තනුව – සනත් නන්දසිරි

Play / Download – Eda Meda Thura – 4.92 MB

Continue reading Eda Meda Thura – Sanath Nandasiri – Guitar Chords Lyrics Mp3

Hanthanata Payana Handa – Amarasiri Peiris – Guitar Chords Lyrics Mp3

හන්තානට පායන හඳ – අමරසිරි පීරිස් – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

ගායනය – අමරසිරි පීරිස්
ගී පද රචනය – ධම්මික බණ්ඩාර
ගී තනුව – ඩැනිස්ටර් පෙරේරා

Play / Download – Hanthanata Payana Handa – 5.92 MB

Continue reading Hanthanata Payana Handa – Amarasiri Peiris – Guitar Chords Lyrics Mp3