හිම රේණු වැටෙනා සීතලේ – ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Hima Renu Watena Seethale – Greshan Ananda and Latha Walpola – Original Song Track and Lyrics
New link published on – 2025-12-28


හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
මුතු මාලයක් සේ යා වුනේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ
ගායනය – ග්‍රේෂන් ආනන්ද සහ ලතා වල්පොල
ගී පද රචනය – සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ගී තනුව – සරත් දසනායක
චිත්‍රපටය – ආත්මා
Play Song –
Download Song –
Hima Renu Watena Seethale – Greshan Ananda and Latha Walpola – 4.8 MB
MP3 Source – Internet Search via duckduckgo.com