Muladi Banda Adarayaka – HR Jothipala – Lyrics Audio MP3

Share to:

මුලදි බැන්ද ආදරයක – එච්.ආර්. ජෝතිපාල – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී

Muladi Banda Adarayaka – HR Jothipala – Original Song Track & Lyrics

New link published on – 2025-12-28

Muladi Banda Adarayaka - HR Jothipala
Muladi Banda Adarayaka – HR Jothipala

දුන්නොත් ඔබට හැර අත කෙල්ලෙකුට වෙන
දුක් ජීවිතයක්ම වේ මට කඳුළු බොන
මිනී වලක මා යටකර දමන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

අසරණ මා අමතක කෙරුවත් ඔයා
හිතුවාද ඔබව මට අමතක වෙයි කියා
අසරණ මා අමතක කෙරුවත් ඔයා
හිතුවාද ඔබව මට අමතක වෙයි කියා
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවෙන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවෙන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා

ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කඳේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කඳේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ

ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්

ගායනය – එච්.ආර්. ජෝතිපාල
ගී පද රචනය – ඇලෝයි ගුණවර්ධන
ගී තනුව – මොහොමඩ් සාලි

Play Song –

Download Song –
Muladi Banda Adarayaka – HR Jothipala – 3.9 MB

MP3 Source – Internet

HR Jothipala All Songs

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.