Eka Yaye Kaka Wetee – Api Machan – Cover – Lyrics Audio Mp3

එක යායේ කකා වැටී – අපි මචං – කවර් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

වලට වැටුණු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් ඇති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

ගායනය – අපි මචං
මුල් ගායනය – සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – එච්. එම්. ජයරත්න
චිත්‍රපටය – මංගල තෑග්ග (1987)

Play / Download – Eka Yaye Kaka Wetee – Api Machan Cover – 7.98 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.