Daasama Riddana – Rookantha Gunathilake and Nelu Adhikari – Original Track – Lyrics Audio MP3

දෑසම රිද්දන හසඟන තාලෙට – රූකාන්ත ගුණතිලක සහ නෙලූ අධිකාරී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-08-25 – Working Link Updated

Rookantha Gunathilake and Nelu Adhikari with Ajanthaa Ranasinghe
Rookantha Gunathilake and Nelu Adhikari with Ajanthaa Ranasinghe

දෑසම රිද්දන හසඟන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්දා
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසි පිය නොහෙළනවා

(මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා)

මල් පෙති වාගේ පාද රිදේදෝ
බොරළු ප‍යේ ඇනිලා
(මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා)
ආලේ කුසුමෝ මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා

දෑසම රිද්දන හසඟන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්දා
(මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා)

(පේරද නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ)
බුරුතු පිටින් මා වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ
(මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ)

දෑසම රිද්දන හසඟන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්දා
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසි පිය නොහෙළනවා

(මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා)

ගායනය – රූකාන්ත ගුණතිලක සහ නෙලූ අධිකාරී
ගී පද රචනය – අජන්තා රණසිංහ
ගී තනුව – රූකාන්ත ගුණතිලක

Play / Download MP3 – Daasama Riddana – Rookantha Gunathilake and Nelu Adhikari – 5 MB

.
MP3 Source – Internet Search via duckduckgo.com
.

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.