Sanda Kumari Mage Manali – Chandana Liyanarachchi – Guitar Chords Lyrics Mp3

සඳ කුමාරි මගෙ මනාලි – චන්දන ලියනාරච්චි – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි

මං කවුළුව හැර තබාවි
ඇය සේළ පලස එළාවි
පිනි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි

කළු වලාකුළක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි

ගායනය – චන්දන ලියනාරච්චි
ගී පද රචනය – ධම්මික බණ්ඩාර
ගී තනුව – ඩැනිස්ටර් පෙරේරා

Play / Download – Sanda Kumari Mage Manali – 2.93 MB

Continue reading Sanda Kumari Mage Manali – Chandana Liyanarachchi – Guitar Chords Lyrics Mp3

Pransha Yuwathiyan – idoraye – Amal Perera – Guitar Chords Lyrics Mp3

ප්‍රංශ යුවතියන් – අමල් පෙරේරා – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී

ෆ්‍රැන්ක්‌ මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනං ඇයිද නෙතු පියන්
යන්න එනවනං ඇයිද නෙතු පියන්
බලා නොයින් තවත් කල් අරන්

ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී

රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්‌දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්

ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී

ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී

ගායනය – අමල් පෙරේරා
ගී පද රචනය – රුවන් නන්දික
ගී තනුව – කසුන් කල්හාර

Play / Download – Pransha Yuwathiyan (Idoraye Nagara Kone) – 5.77 MB

Continue reading Pransha Yuwathiyan – idoraye – Amal Perera – Guitar Chords Lyrics Mp3

Patu Adahas Nam – W D Amaradeva – Guitar Chords Lyrics Mp3

ප‍ටු අදහස් නම් – වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා – ඩබ්ලිව් ඩී අමරදේව – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-09

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥාණය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසිදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලි වලට නොබෙදී
ඥාණය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සුනිල් එදිරිසිංහ
ගී පද රචනය – මහගම සේකර
ගී තනුව – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

Play / Download – Patu Adahas Nam – 3.22 MB

Continue reading Patu Adahas Nam – W D Amaradeva – Guitar Chords Lyrics Mp3