අම්මා නැති මට කිරි අම්මා වී – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Amma Nathi Mata Kiri Amma Wee – Victor Rathnayake – Original Song Track and Lyrics
New link published on – 2025-11-26

අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ලඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පනමට දී මගෙ නැණ නෙත් පෑදූවේ
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුනේ
ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ
අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ලූෂන් බුලත්සිංහල
ගී තනුව – වික්ටර් රත්නායක
Play Song –
Download Song –
Amma Nathi Mata Kiri Amma Wee – Victor Rathnayake – 3.9 MB
MP3 Source – Internet