මුව මුක්තා ලතා – එඩ්වඩ් ජයකොඩි – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Muwa Muktha Latha – Edward Jayakody – Original Song Track and Lyrics
New link published on – 2025-12-28

මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූසිරු කල්යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී
නිසසනි සගගම පමපප නිනිසරි ග
රිග සගරිස නිප නිස රි
නිප මගප ගමප ගරි නිනි සරි ස
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේද දෙතොලින් මගේ
මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ
රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නගන් නොනිදා
ගායනය – එඩ්වඩ් ජයකොඩි
ගී පද රචනය – අජන්තා රණසිංහ
ගී තනුව – ආනන්ද පෙරේරා
Play Song –
Download Song –
Muwa Muktha Latha – Edward Jayakody – 3.4 MB
MP3 Source – Internet