Ruk Aththana Mala Mudune – Nanda Malini

Share to:

රුක් අත්තන මල මුදුනේ – නන්දා මාලිනී – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Ruk Aththana Mala Mudune – Nanda Malini – Original Song Track & Lyrics
New link published on – 2026-01-01

Nanda Malini - Ruk Aththana Mala Mudune
Nanda Malini – Ruk Aththana Mala Mudune

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එලියේ
පුතු සවනට රහස් කියා පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ

පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමන් කර කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ
කවුරුද එන්නේ
කවුරුද එන්නේ
කවුරුද එන්නේ
කවුරුද එන්නේ

ගායනය – නන්දා මාලිනී
ගී පද රචනය – මහින්ද අල්ගම
ගී තනුව – නන්දා මාලිනී

Play Song –

Download Song –
Ruk Aththana Mala Mudune – Nanda Malini – 7.3 MB

MP3 Source – Internet

Nanda Malini All Songs

Share to:

Published by

Unknown Artist

downloader and uploader enthusiast !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.