දෙව්රම් වෙහෙරේ – වික්ටර් රත්නායක – ඔරිජිනල් ගී පද එම්පීත්‍රී
Dewram Wehere – Victor Rathnayake – Original Song Track and Lyrics
New link published on – 2025-11-24

දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා
සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අඳුරේ
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමදෝ
දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා
ජීවමානවම හිමි දැක ගන්නට
මා නෙත කල පින් මඳ බව වැටහේ
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම් සමිඳුනි ඔබ පිළිසරණ පතා
මම එමි බවඳුරු කතර ගෙවා
ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනුව – වික්ටර් රත්නායක
Play Song –
Download Song –
Dewram Wehere – Victor Rathnayake – 3 MB
MP3 Source – Internet