සඳ ඕනා (මාශා සොයා) – කසුන් කල්හාර – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
අලුත් ලින්ක් එක දැම්මේ – 2024-07-08
සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා
අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා
අරුමෝසම් පෑ
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසාලා
තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා
හිත විමසාලා
ඈ නේනා රෑ ඕනෑ නෑ තවත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා සිපගන්නෝනා
ඈ කොඳුරාලා රහසින් කීවා
තව ලංවීලා
මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
ගායනය – කසුන් කල්හාර
ගී පද රචනය – ධනුෂ්ක වීරසිරි
ගී තනුව – කසුන් කල්හාර
Play / Download – Sanda Ona (Masha Soya) – 3.63 MB
Continue reading Sanda Ona (Masha Soya) – Kasun Kalhara – Guitar Chords Lyrics Audio Mp3